Grade ( in English) : 11 C
Admission Number : 34749
D.Sandinu Senarath
දිනෙන් දින එන නොයෙක් බාදා
හමා එන සැඩ සුලං පරදා
දිරෙන් ජයගෙන යදම් බිද දා
යමු එකා මෙන් ලොවට හෙටදා
කටුක සිතුවිලි මතින් පෙරදා
බිදී ගිය සිත වීසි කර දා
නැවුම් හැගුමන් මතින් එන දා
නොවේ ඈතක තිබෙන සැමදා
දිනෙන් දින නව මුහුනුවරිනා
අලුත් වන ලොව දෙවනි කරනා
සිතේ ශක්තිය දෙගුන කරනා
තුරුල වෙත එමි සිහින රැගෙනා
ලොවම පෙන්වූ තුරුල වෙතටා
ගෙවෙන මේ සුබ උපන්දිනටා
පතන ආසිරි සමග ලොවටා
අරන් යන්නෙමි ඔබ ඉදිරියටා
ගෙවූ දිවියේ ඔබේ නම වෙත
තිබෙන ප්‍රේමය කියමි ඔබ වෙත
ගෙවන 150 වසර වෙත
පතන ආසිරි කියමි ලොව වෙත
රිච්මන්ඩ් නම ඇත කිදාබැස
පපු ගැබ මත කොටා ඇත
ගල මත රන් හුයෙන් කල
කෙටුමක් ලෙස නොමැකෙන
කියමි හදවත බුර බුරා එන
වදන ලෝකය වෙත වැරෙන්
‘සියල්ල රිච්මන්ඩ් නාමයට
නොවේ කිසිවක් තමනට’